ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රාහී මාවතේ

එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට පෙර ඔහුගේ ආධාරකරුවන් අමතා තිබෙනවා.

“මෙම මැතිවරණය ජය ගැනීමේ මාවතේ අප ගමන් කරමින් සිටින බව අපි විශ්වාස කරනවා,”

ලෙස ඔහු පවසා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ දක්වා ප්‍රාන්ත 39 ක ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, මේ වන විට ජෝ බයිඩන් කොට්ඨාශ 237 ක් දිනාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාශ 210 ක් දිනාගෙන තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.