ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති තරඟයේ ඉදිරියෙන්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රාන්ත 50 න් 43 ක්ම මේ වන විට නිකුත් කර අවසන්. නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ විද්‍යාල 264 ක් ජයග්‍රහණය කරමින් මේ වන විට ඉදිරියෙන් සිටිනවා.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ විද්‍යාල 214 ක බලය තහවුරු කරගෙන සිටිනවා.

අමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගෙන ඇති වැඩිම ඡන්ද සංඛ්‍යාව ජෝ බයිඩන් ලබාගෙන ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 72,077,457 ක් ලබාගෙන ජෝ බයිඩන් ඉදිරියෙන් සිටිනවා. එ් මෙතෙක් ප්‍රකාහිත මුළු ඡන්ද සංඛයවෙන් 50.28% ක්.

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්ද 6,814,244 ක් ලබාගෙන ඇති අතර එය 48.1% ක්.

බැරක් ඔබාමා මීට පෙර එක්සත් ජනපද මැතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයායි.

කෙසේ වෙතත්, මෙම ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම නැවැත්වීම සඳහා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඡන්ද ගණන් කිරීමේ දී විශාල වංචාවක් සිදුවන බවට ඔහු චෝදනා කර සිටිනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජෝ බයිඩන් පවසා ඇතතේ මෙම චෝදනා අසත්‍ය බවත් ට්‍රම්ප් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් තමන්ද ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි.

මිචිගන්, පෙන්සිල්වේනියා, ජෝර්ජියා, විස්කොන්සින් සහ උතුරු කැරොලිනා යන ප්‍රන්තවල අවසන් ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නොමැති අතර, ඉදිරි සිව් වසර සඳහා ලෝකයේ බලවත්ම මිනිසා වන අමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න එම ප්‍රතිඵල මගින් තීරණය වනු ඇති.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.