අමෙරිකාවේ 46වෙනි විධායක ජනාධිපති ජෝ බයිඩන්

එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමින් ජෝ බයිඩන් මැතිවරණ විද්‍යාල 273 ක ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වී ඇත්තේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ විද්‍යාල 20 ක ජයග්‍රහණය තහවුරු කරමින්.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇත්තේ මැතිවරණ විද්‍යාල 213 ක් පමණයි.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකය ජෝ බයිඩන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප සභාපති ලෙස සේවය කළා.

ජෝ බයිඩන් අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාට සුබ පැතීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කොට තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.