කළුබොවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකටත් කෝවිඩ්

කළුබොවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකටත් කෝවිඩ්

කළුබොවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ හෙදියක් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

එම රෝහලේ ළමා වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු සහ මවකට මෑතකදී වෛරසය වැළඳී ඇති අතර

එ් හේතුවෙන් එහි සේවය යළ වෛද්‍යවරුන් සහ හෙදියන් ස්වයං නිරෝධායනයට ලක් වන අතර ඒ අතරතුර සිදු දළ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් රෝහලේ කටයුතු වලට කිසිදු බාධාවක් වී නොමැති බව කළුබොවිල රෝහලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.