හුදෙකලා ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනයට පියවර

විශේෂ කාර්යාල දුම්රිය හෙට (16) උදේ සහ සවස ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශවල ඇති දුම්රිය ස්ථානවලින් දුම්රිය නොනත්වා ධාවනය වන බව එහි සඳහන්.

කෙසේ වෙතත්, හුදකලා දුම්රිය ස්ථාන අතරින්, කොටුව දුම්රිය ස්ථානයෙන් පමණක් දුම්රිය ගමන් ආරම්භ කර අවසන් වනවා.

ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය අඛණ්ඩව ධාවනය වන වන්නේ
මරදාන, වනවාසල, රාගම, දේමටගොඩ, එඬේරමුල්ල, වල්පොල, කැලනියා, හොරපේ සහ බටුවත්ත යන දුම්රිය ස්ථානයි.

පුත්තලම් මාර්ගයේ පේරලන්ද, කුඩහකපොල, කට්ටුවෙ, ජා-ඇල, කුරණ, තුඩැල්ල සහ මීගමුව යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ.

කැලණිවැලි මාර්ගයේ පිහිටි බේස්ලයින් පාර සහ කොටාපාර යන දුම්රිය ස්ථානවල පමණක් දුම්රිය නොනවත්වා ධාවනය වනවා.

වෙරළබඩ මාර්ගයේ මහලේකම් කාර්යාලය, කොම්පඥ්ඥවීදිය සහ ඇඟුලාන දුම්රිය ස්ථානවල දුම්රිය අඛණ්ඩව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.