අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන උපන් දිනයයි අදයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන උපන් දිනයයි අදයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 75 වන උපන් දිනය අදයි. 1945 නොවැම්බර් 18 වන දින හිටපු නියෝජ්‍ය කථානායක ඩී.ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ මහත්මියගේ පවුලේ උපත ලැබූ පර්සි මහින්ද රාජපක්ෂ මහතා සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා වනවා. ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා, තර්ස්ටන් සහ රිච්මන්ඩ් විද්‍යාලවල යි.

තම පියාගේ අභාවයෙන් පසු, රාජපක්ෂ මහතා 1970 දී මහ මැතිවරණයෙන් ජයගෙන පළමු වරට පාර්ලිමේන්තුවට හම්බන්තොට බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශයේ තේරී පත්වුනේ එවකට ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසයි.

මහින්ද රාජපක්ෂ මහතා 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය යන ධූරයන්හි කටයුතු කළා. එම රජයේ කම්කරු අමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ප්‍රඥප්තියක් රටට හඳුන්වා දීම සඳහා ගත් පියවර වැදගත් පයවරක් වුනා.

2004 දී විපක්ෂ නායකයා වූ ඔහු 2005 නොවැම්බර් 17 ජනාධිපතිවරණයෙන් ජයගෙන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා බවට පත්වුනා. වසර 30 ක දීර්ඝ යුද්ධය අවසන් කර මේ රටට සාමය හා නිදහස ගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස ලබා දුන් නායකත්වය මිල කළ නොහැකි යි.

2010 දී නැවතවරක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලංකා ජනතාව තීරණය කළා.

පසුව, 2019 දී පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති ධුරයට පත් වුනා. අගෝස්තු 05 දින පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්වුනා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment