මාතලෙන් කොවිඩ් -19 රෝගීන් 31 ක් හඳුනාගනියි

මාතලෙන් කොවිඩ් -19 රෝගීන් 31 ක් හඳුනාගනියි

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 රෝගීන් 31 ක් හඳුනාගෙන ඇති බව එහි දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම කෝවිඩ් ආසාදිත පුද්ගලයින් මිනුවන්ගොඩ / පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ වූවන් බවයි ඒ මහතා පවසන්නේ.

මේ වන විට එම දිස්ත්‍රික්කයේ පවුල් 339 ක් නිරෝධායනයට යොමු කර ඇති බව ඔහු පැවසුවා.

මේ අතර, මිනුවන්ගොඩ / පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා ආසාදිත පුද්ගලයින් 9,096 ක් හඳුනාගෙන ඇති අතර ඊයේ (05) එම පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 383ක්.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.