fbpx
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read
ඇත්ත විත්ති
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
ඇත්ත විත්ති
No Result
View All Result

ඇතිවත් බැරි නැතිවත් බැරි අම­තර පෝෂක

etthawitthi by etthawitthi
2019-09-10
5:20 am
in Medical
ඖෂධ, ඖෂධ ආනයනය

ඖෂධ

FacebookTwitter

වර්තමාන වෙළෙඳපොළේ නොයෙකුත් විටමින් සහ ඛනිජ ලවන (ක්ෂුද්‍ර පෝෂක) සිරප් වර්ග බහුලව ඇත. ඇතැම් රෝගීන් වෛද්‍යවරුන් වෙත පැමිණ ඔවුන්ට විටමින් සහිත ඖෂධ ලබා දෙන ලෙස බල කරති.

තවත් අය වෛද්‍ය අනුමැතිය නොමැතිව, එවැනි විටමින් වර්ග වෙළෙඳපොළෙන් ලබා ගනිති. සෞඛ්‍යමත් දිවි පැවැත්මට අමතර විටමින් ගැනීම අත්‍යවශ්‍ය බව බොහෝ දෙනාගේ මතයයි.

ඇතැම් විටමින් වර්ග ශරීරයට අත්‍යවශ්‍ය ය. එනම්, A, B, C, D, E යන විටමින් ද Ca2 + Fe2+ (කැල්සියම් ,යකඩ) Zn, Na+, K+ යන ඛනිජ ලවණ ද ශරීරයට අත්‍යවශ්‍ය ය. මේවා අතරින් සමහර විටමින් සිරුර තුළ නිෂ්පාදනය වන්නේ නැත. එබැවින්, ඒවා ශරීරයට ලබා දීමට තිබෙන්නේ එකම ක්‍රමයකි. ඒ, අප ගන්නා ආහාරවලිනි.

විටමින් B12 එවැනි විටමිනයකි. අප ගන්නා ආහාරයෙන්, ජීර්ණය වූ පසුව හෝ කෙළින්ම හෝ මේවා උරා ගනු ලබන්නේ අන්ත්‍රය මඟිනි. සමහර විටමින් ශරීරයේ ගබඩා වී පවතී. විශේෂයෙන්ම ජලයේ දිය නොවන විටමින් A, D, E, K වර්ග අක්මාවේ තැන්පත්ව ගබඩා වී ඇත. සමතුලිත, සමබර ආහාර වේලක් ගන්නේ නම් සිරුරේ දෛනික අවශ්‍යතා සඳහා ආහාරයේ අඩංගු ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත්ය. නමුත් ඌනතාවක් ඇති වුවහොත් රෝග ලක්ෂණවලින් ඒ බව අපට දැනගත හැකිය.

එවැනි ඌනතා ඇති විට පමණක් වෛද්‍ය උපදෙස් සහිතව මෙම විටමින් සහ ඛනිජලවණ සහිත සිරප් වර්ග ලබා ගැනීම වැදගත් ය. මෙම විටමින් හා ක්ෂුද්‍ර පෝෂක වර්ග වැඩිපුර ශරීරයට ගතහොත් ඒවා විෂ වනු ඇත. එවිට විවිධ රෝග ලක්ෂණ පහළ වනු ඇත. විශේෂයෙන් මේදයේ දිය වන ක්ෂුද්‍ර පෝෂක ශරීරයේ එකතු වී විෂ වනු ඇත. එම නිසා වෛද්‍යවරයකුගේ අනුමැතිය නොමැතිව, අවශ්‍යතාවකින් තොරව කිසිවකු විටමින් භාවිතයට නොගත යුතු ය. වඩාත් වැදගත් වන්නේ සමබර ආහාර ගැනීමයි. තවද විටමින් සහ ක්ෂුද්‍ර පෝෂක අඩංගු සිරප් නිකරුණේ පානය කිරීම ද ඉතා භයානක ය. මේ කරුණු පිළිබඳ නිරන්තරයෙන්, අවධානයෙන් සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් ලොකු, කුඩා සැමට නිරෝගී දිවිපෙවතක් ගත කිරීමට හැකිවනු ඇත.

(උපදෙස් – ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු, සටහන – යශෝදා ඉන්දීවරී)


ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.

සබැඳි පුවත්:

  • මළ බද්ධය නසන විටමින්!මළ බද්ධය නසන විටමින්!
  • ලාබෙට ගත හැකි සුපිරි පෝෂණය: කිරිලාබෙට ගත හැකි සුපිරි පෝෂණය: කිරි
  • මවක් වෙන්න සිටින ඔබට ගැලපෙන ආහාරමවක් වෙන්න සිටින ඔබට ගැලපෙන ආහාර
  • පමණ දැන ගත යුතු ප්‍රෝටීන්...!පමණ දැන ගත යුතු ප්‍රෝටීන්...!
Tags: _By dinaminaAdditional Nutrientsඅම­තර පෝෂකආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු
Загрузка...
Next Post
විදෙස් සංචිත, Foreign Reserves

විදෙස් සංචිත ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Loading...

ජනප්‍රිය පුවත්

  • උඳුවප් පුර පසළොස්වක පොහොය

    උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    0 shares
    Share 0 Tweet 0
  • කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන කෝඩුකාර යොවුන් ගායකයා කවුද? (Video)

    0 shares
    Share 0 Tweet 0

ඇත්ත විත්ති

ඇත්ත විත්ති

ඇත්ත ඇති සැටියෙන්...

ප්‍රධාන කතෘ

දස දෙසින් වාර්තාවන සියළු පුවත් දැන ගැනීමට අප හා එක්වන්න. වෙබ් අඩවියේ සැරිසරන විට පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

► අදහස් දැක්වීමේදී ශිෂ්ඨ සම්පන්න භාෂාවක් යොදා ගැනීමට කරුණිකවන්න.
► ආගම් වාදයට ජාති බේදයට කිසිදු ඉඩක් අඩවිය තුල නැත.
► පක්ෂ පාට බේදයකින් තොරව පැමිණ තම අදහස් ප්‍රකාශ කරන්න. අඩවිය තුල මතවාදී ලෙස ගැටුනද මින් පිටතට යෑමේදී සියළු බේදයන් පසෙකින් තබන්න. - ස්තූතියි.

නවතම

උඳුවප් පුර පසළොස්වක පොහොය

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2019-12-11
රංජිත් ද සොයිසා, Ranjith de Zoysa

රංජිත් ද සොයිසා අභාවප්‍රාප්තවෙයි

2019-12-04
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 3 වනදා

2019-12-02
පාර්ලිමේන්තු ගැලරිය අද ජනතාවට විවෘත නොකෙරේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

2019-12-02

Categories

  • Aththa Gossip
  • Business
  • Cartoon
  • Education
  • Entertainment
  • Features
  • Local
  • Medical
  • News
  • Photos
  • Political
  • Presidential Election 2019 – Election Results
  • Science
  • Sports
  • Technology
  • Uncategorized
  • Video
  • World
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read

© 2018 Aththa Withthi - All Rights Reserved.

No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English

© 2018 Aththa Withthi - All Rights Reserved.