මැදිවියේ පුද්ගලයින් කොවිඩ් රෝගයෙන් මියයාමට වැඩි ඉඩක් – GMOA

මෙතෙක් රටේ බොහෝ කෝවිඩ් ආශ්‍රිත මරණ වැඩිහිටියන් ආශයෙන් වාර්තා වුවද, මැදිවියේ පුද්ගලයින්ද මේ වන විට එම තත්වයටම මුහුණ දිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා.

පසුගිය දින කිහිපය තුළ කොවිඩ් වැළඳීමෙන් ඇති වූ සංකූලතා හා හෘදයාබාධ හේතුවෙන් වයස අවුරුදු 40 ත් 50 ත් අතර මැදිවියේ පුද්ගලයින් මියයෑම් වාර්තා වූ බවයි සංගමයේ කර්තෘ වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසන්නේ.

කෝවිඩ් මරණ විශ්ලේෂණයේ දී නිවසේදී මිය යන බොහෝ දෙනා බෝ නොවන රෝගවලින් පෙළෙන බව වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

එවැනි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම අත්‍යවශ්‍ය බවත් එසේ වුවහොත් කෝවිඩ් පාලනය පහසු වනු ඇති බවත් වෛද්‍යවරයා පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.