කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය කිරීමේ හැකියාව සොයාබලනවා - අධිකරණ ඇමති

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය කිරීමේ හැකියාව සොයාබලනවා – අධිකරණ ඇමති

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීමේ හැකියාව සොයා බලන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගෙ සිරුරු භූමදානය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවසර ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පවසනනේ.

වැඩිදුර අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ පවසනවා.

“මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක.

මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නෑ. ලෝකයේ රටවල් 189ක ආදාහනය ඇරුණහම භූමදානයත් ලබා දීලා තියෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානය ලබා දීලා තියෙනවා. මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා.

මේක විද්‍යානූකූලව සලකා බලලා මේ සම්බන්ධයෙන් මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියන එක.”


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.