නාරහෙන්පිට තිබූ වයස අවුරුදු 100 ක් පැරණි නුග ගසක් කපා දමයි

නාරහෙන්පිට තිබූ වයස අවුරුදු 100 ක් පැරණි නුග ගසක් කපා දමයි

නාරහෙන්පිට හි කිරිමණ්ඩල මාවතෙහි තිබූ වසර 100 ක් පැරණි නුග ගසක් කපා දමා තිබෙනවා. මෙම නුග ගස පිහිටා තිබුනේ නාරහෙන්පිට කිරිමණ්ඩල මාවතේ සුජාතා බාලිකා විද්‍යාලය ඉදිරිපිට යි.

ගස වර්ග මීටර් 112 ක පමණ භූමි ප්‍රදේශයකට සෙවන සැපයූ මෙම ගස මැදින් මීට මාසයකට පමණ පෙර මාර්ගය ඉදිකර ඇති අතර මේ මස 9 වන දින ගස කපා දමා තිබෙනවා. එදින ගස කපා දැමීමට එරෙහිව ප්‍රදේශවාසීන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති මෙම නුග ගස අද වන විට එම ස්ථානයෙන් කපා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ මහ නගර සභාව පවසන්නේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ගස කපා දැමීමට සිදු වූ බවයි.

ගසක් පැළවී වැඩීමට කොපමණ කාලයක් ගතවේද?

නමුත් අවුරුදු 100 ක් පැරණි ගසක් පවා මිනිත්තු කිහිපයකින් කපා දැමිය හැකියි.

රජයේ ආයතන ගස් කපා දැමිය යුතුද? ගස් රැක බලා ගත යුතුද? තීරණය ඔබ සතුයි ..?


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment