ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගත් බස් රථ ගැන පැමිණිලි

දිවයිනේ විවිධ ප්‍රදේශවල බස් රථ ආසන සංඛ්‍යාවට වැඩියෙන් මගීන් ගෙනයන බවට පැමිණිලි ලැබී ඇති බව ජාතික ප්‍රවාහන කොමිසම පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නලින් මිරෙන්ඩා මහතා පැවසුවේ මේ පිළිබඳව සොයා බැලීමට ජංගම විමර්ශකයින් යොදවා ඇති බවයි.

මේ අතර පානදුර ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ධාවන කළ බස් රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.