20න් හදපු පාර්ලිමේන්තු සභාව අද පළමු වරට රැස්වෙයි

20න් හදපු පාර්ලිමේන්තු සභාව අද පළමු වරට රැස්වෙයි

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවන ලද පාර්ලිමේන්තු සභාව අද පළමු වරට රැස්වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කිරීම සඳහා අද පස්වරු 4 ට මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසන්නේ.

මෙම රැස්වීම පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු සභාව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත වනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කර තිබෙනවා.

20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පාර්ලිමේන්තු සභාව බලාත්මක වනවාත් මහඟ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසිවනවා.

ඒ අනුව සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා වන පත්වීම් පාර්ලිමේන්තු සභාව විසින් නිරීක්ෂණය කරනු ලබනවා.

කෙසේ වෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තම අභිමතය හා කැමැත්ත පරිදි එවැනි නිරීක්ෂණ නොසලකා හැරීමට බලය ලබා දී තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.