කොරෝනා නැති කරන්න මුහුදට බිළිවෙන්නත් සුදානම් – ඇමති පවිත්‍රා

කොරෝනා නැති කරන්න මුහුදට බිළිවෙන්නත් සුදානම් – ඇමති පවිත්‍රා

ශ්‍රී ලංකාව තුළ පැතිර යන කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට වුවත් සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සමබන්ධයෙන් සිය අදහස් දක්වමින්පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැමුන් උපහාසයට ගෙන තිබෙන බවයි.

“මුහුණුපොතේ දාලා තියෙනවා පවිත්‍රා වන්නිආරච්චි ලංකාවේ කොවිඩ් මර්ධනය වෙන්න ඔයා මුහුදට බිලිවෙන්න කියලා.. ඇත්තටම එහෙම වෙනවානම් මම ඒකටත් ලෑස්තියි”

සෞඛ්‍ය අමාත්‍යවරයි පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පසුගිය දිනෙක පවිත්‍රා ඇමතිවරය ඇතුලු පිරිසක් දිවයින පුරා විවිධ ස්ථානවලින් ගංගාවලට කළ විසිකරමින් ඉටුකළ ආගමික කයටුත්තකට මුහුණුපොතේ විශාල පිරිසක් සිය අදහස් දක්වා තිබුනා.

කෙසේවෙතත්, කොරෝනා මර්ධන ක්‍රියාවලියේ දී කිසිදු අවස්ථාවක එම ක්‍රියාකාරකම් දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.