PCR ටෙස්ට් මුවාවෙන් ස්වර්ණාභරණ මංකොල්ලයක්

මහාව පොලිස් කොට්ඨාශයේ කැත්තපහුව ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පීසීආර් පරීක්ෂණය පැවැත්වීමේ මුවාවෙන් නිවසකින් රන් ආභරණ පවුන් තුනහමාරක් පමණ කොල්ලකෑ බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරු 3.30 ට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මෙම කොල්ලය සිදු කර ඇති බවයි.

පීසීආර් පරීක්ෂණ සිදු කළ යුතු යැයි පවසමින් නිවැසියන්ට යම් පෙති වර්ගයක් පානය කිරීමට දීමෙන් පසුව මෙම කොල්ලය සිදුව ඇති බව වාර්තා වනවා.

එය පානය කිරීමෙන් පසු සිදු වූ කිසිවක් නිවැසියන්ට මතකයේ නොමැති අතර අද (30) උදෑසන ඔවුන්ට යලි සිහිය පැමිනීමේන පසුව සිදුවූ දෙය පැහැදිඟි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

වැඩිදුර අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මෙසේ පැවසුවා.

“නිවැසියන් පවසන ආකාරයට කාන්තාවක් වැනි අයෙක් ද සිටි බව වාර්තාවෙනවා මේ තිදෙනා අතර.

ඉන්පසුව PCR පරීක්ෂණ සිදුකිරීමට යැයි පවසා යම් පෙත්තක් ඔවුන්ට ලබා දී ඇති බවට වාර්තාවෙනවා. එය පානය කිරීමට. ඉන් පසුව සිදුවූ දෙයක් නිවැසියන් දන්නේ නැහැ. නමුත් අද දින උදෑසන තමයි ඔවුන් නැවත් අවදිවී තිබෙන්නේ.

එම අවස්ථාවේ දී බලනවිට ඔවුන්ගේ පවුම් තුනහාමරක පමණ ස්වාර්ණාභරණ රැගෙන ගොස් ඇති බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ගෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් පවසන්නේ PCR පරීක්ෂණ ලබා ගැනමේදී කිසිම අවස්ථාවක යම් පෙත්තක් හෝ වෙනත් දෙයක් අදාළ පුද්ගලයින්ට ලබා නොදෙන බවයි.

ඒ නිසා පැහැදිලිවම මෙය කොල්ලකෑමක් බවට අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් මහව පොලීසි විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන්ම රටේම ජනතාවට දැනුම්දෙන්නේ මේ වසංගත අවස්ථාවේ රට අවදානම සිටින අවස්ථාවේ මෙවැනි වංචනික පුද්ගලයින්, අවස්ථාවාදී පුද්ගලයින් මේ සමාජයේ ඉන්නට පුළුවන්. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේසම්වන්න.“


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.