හෙට ගිණුම්කරණ විෂය සඳහා සාමාන්‍ය කැල්කියුලේටර භාවිතා කිරීමට අවසර

අ.පො.ස. උසස් පෙළ විභාගයේ හෙට පැවැත්වීමට නියමිත ගිණුම්කරණ විෂය සඳහා, වැඩසටහන්ගත කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා කියා සිටියේ මෙම විෂය සඳහා කැල්කියුලේටර භාවිතා කිරීමට සිසුන්ට ලබා දී ඇති අවසරය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් සිය දෙපාර්තමේන්තුවෙන් විමසිය හැකි බවයි.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ සහ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා පැවසුවේ සියලුම අපේක්ෂකයින් කල්තියා විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි දෙමාපියන් අවධානය යොමු කළ යුතු බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.