හුදකලා ලැයිස්තුවෙන් පොලිස් වසම් කිහිපයක් ඉවතට

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කුරුණෑගල මහ නගර සභා සීමාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් කොට්ඨාශය හුදකලා තත්වයෙන් ඉවත් කර ඇති බව කෝවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර අද (15) අළුයම 5.00 සිට කළුතර දිස්ත්‍රික්කයේ හොරාන, ඉන්ගිරිය සහ වෑකඩ බස්නාහිර යන ග්‍රාම නිලධාරි කොට්ඨාශයන් ද හුදකලා තත්වයෙන් මුදා හැර ඇති බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල පොලිස් කොට්ඨාශ ද හුදකලා තත්වයෙන් මුදාහැරි බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කළේ බස්නාහිර පළාතෙන් පිටත ගමන් කිරීම සඳහා වූ තහනම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.