බයිඩ්න්ගේ ජයග්‍රහණයට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සුබ පැතුම්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතුම් එක් කර තිබෙනවා. එහිදී උන්වහන්සේ දුරකථනය මගින් ජෝ බයිඩ්න්ට ආශීර්වාද කර අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දුප්පතුන්ට සහන සැලසීම, දේශගුණික විපර්යාස වැළැක්වීම සහ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් එක්සත් ජනපදයට පිළිගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් පාප්තුමා සමඟ කටයුතු කිරීමට තමාට අවශ්‍ය බව බයිඩ්න් පවසා තිබෙනවා.

1960 ජෝන් එෆ් කෙනඩිගෙන් පසු එක්සත් ජනපදයට තේරී පත් වූ පළමු රෝමානු කතෝලික ජනාධිපතිවරයා වන්නේ ජෝ බයිඩ්න් ය.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.