වරාය සේවකයින් 60 ට කොරෝනා : මෙහෙයුම් කෙරෙහි බලපෑම්

තම ආයතනයේ සේවකයින් 60 දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇති අතර තවත් 200 දෙනෙකු පමණ නිරෝධායනය කරා යොමු කර ඇති බව කොළඹ වරාය අධිකාරිය පවසයි.

වරාය වෘත්තීය සමිති පවසන්නේ මෙහෙයුම් ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නැව් විශාල ප්‍රමාණයක් වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවයි.

කෙසේ වෙතත්, වරාය අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ බහාලුම් බෑමේ යම් ප්‍රමාදයක් පැවතියද එය හැකි තරම් අවම කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

වරාය අධිකාරිය පවසන්නේ වරාය සේවකයින්ගෙන් බහුතරයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වන අතර ඔවුන් දැනට වෛරසය ආසාදනය වී හෝ නිරෝධායනය කර ඇති බවයි.

මේ අතර, වරාය අභ්‍යන්තර ලේඛනවලට අනුව බහාලුම් යාත්‍රා 38 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායට ඇතුළුවීම අත්හිටුවා තිබේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.