අද සිට වැසි තත්වයේ වැඩි වීමක්

අද සිට වැසි තත්වයේ වැඩි වීමක්

අද (16) සිට පවතින වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු හා නැගෙනහිර පළාත්වල සමහර ප්‍රදේශවල මිලිමීටර 100 ට වඩා අධික වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසන්නේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තාවකාලික තද සුළං හා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවයි.

මේ අතර, බේරුවල සිට ගාල්ල මාතර හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුලං තත්වය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය කිලෝමීටර 70-80 දක්වා ඉහළ යා හැකි බවත් පසුව එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment