ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කරයි

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කරයි

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතිනවා.

ඊයේ රාත්‍රිය වන විට ජෝර්ජියාවේ ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පැවති අතර ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් එහි දී ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධය වාර්තා කළේ.

කෙසේ වෙතත්, එම ප්‍රන්තයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර ඡන්ද වෙනස ඉතා සුළු පරතරයක් ගන්නා හෙයින් එම ඡන්ද කොට්ඨාශයේ ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කර තිබෙනවා.

ජෝර්ජියාවේ ඡන්ද මිලියන 5 කට වඩා ඇති අතර එහි ප්‍රතිඵලය අමෙරිකානු ජනාධිපතිවරනයේ සමස්ත ප්‍රතිඵලයට සෘජුවම බලපාන බැවින් එහි ඡන්ද නැවත ගණනය කිරීමට තීරණය කර ඇතැ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජෝර්ජියාවේ ඡන්ද නිසි ලෙස ගණන් කළහොත් වත්නම් ජනාධිපති ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක උපදේශක මැට් මෝගන් පවසනවා. කෙසේ වෙතත්, ජෝර්ජියාවේ මැතිවරණ කළමනාකරු ගේබ්‍රියෙල් ස්ටාර්ලින් පැවසුවේ ඡන්ද ගණන් කිරීමේ අක්‍රමිකතා සිදුවුනැයි නගන චෝදන පිළිගත නොහැකි බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.