විශ්‍රාමික සෙවකයින් වරායට කැඳවයි

කොළඹ වරායේ හඳුනාගත් කොට්ඨාශවල කටයුතු සඳහා විශ්‍රාමික සේවකයින් කැඳවීමට තීරණය කර ඇත.

වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවේ මීට අමතරව තවත් ආයතන කිහිපයක සේවකයින් කැඳවීමට පියවර ගන්නා බවයි.

වරාය සේවකයින් 60කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

මේ අතර, පවතින තත්වය හේතුවෙන් විවිධ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් 14 ක් කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළුවීම ප්‍රමාද වී තිබේ.

වරාය පරිශ්‍රය තුළ පැය 24 පුරා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිතා අබේගුනවර්ධන මහතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.