මන්ත්‍රී රිෂාඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

මන්ත්‍රී රිෂාඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මේ මස 25 වන දින දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. ඒ එම නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙම නඩුවේ තෙවැනි සැකකරු වන ව්‍යාපෘති ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ද 25 වනදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

මෙම නඩුවේ දෙවන සැකකරු වන සන්තූජින් මොහොමඩ් යසිම් රු. 100,000 ක මුදල් අපයක් සහ රු. මිලියනය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරි මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව සංචාරක තහනමක් පැනවීය.

පුත්තලම් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අවතැන්වූවන් 2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්නාරම වෙත ප්‍රවාහනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකින් රුපියල් අනු පන් ලක්ෂයකට අධික මුදලක් වැය කිරිම ඇතුළු චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගැනිණ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment