දුම්රියෙන් වැලි ප්‍රවාහනය ආරම්භ කිරීමට තීරණයක්

එරාවූර් සිට කොළඹ දක්වා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් ලබන මස පළමුවැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

වැඩිදුර අදහස් දක්වමින් ඉන්දික දොඩංගොඩ මහතා මෙසේ පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම යටතේ එරාවූර් කොළඹ දක්වා වැලි ප්‍රවාහන දුම්රියක් ප්‍රවාහනයට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

පුද්ගලික අංශයේ මැදිහත්වීම මත ඒ සමාගමක මෙහෙයවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට සියලූම පහසුකම් සළසා තිබෙනවා. පළමුවෙනි දා ඉදලා මේ වැලි ප්‍රවාහන දුම්රිය එරාවුර් සිට කොළඹට ළඟාවීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් පසුගිය දා පරීක්ෂණ දුම්රියක් ධාවනය කරා.

ඒක සාර්ථකව ආරම්භ වුණා. මේ වන විට කොළඹට දිනකට ළඟාවෙන ලොරි 100ක් පමණ සීමා කරන්න මේ එක දුම්රියකින් හැකියාව ලැබිලා තිබෙනවා. ඒ සඳහා තවත් සමාගම්වලට අවස්ථාව ලබා දෙන්න ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ප්‍රවාහන ලේකම්තුමා සහ බලධාරීන් තීරණය කළා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.