මෙරට දැන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පෙර ‍වෛරසයට වඩා බලවත් – පර්යේෂණයකින් අනාවරණය වෙයි

මෙරට දැන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පෙර ‍වෛරසයට වඩා බලවත් – පර්යේෂණයකින් අනාවරණය වෙයි

දැනට ශ්‍රී ලංකාව තුල පැතිර යන කොවිඩ් -19 වෛරසය මීට පෙර මෙරට පැතිර ගිය වෛරසයට වඩා වෙනස් හැසිරීමක් පෙන්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව මෙම වෛරස් කාණ්ඩයේ වෛරස් ධාරිතාව වැඩි බැවින් පැතිරීම වේගවත් බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මිනුවන්ගොඩ, දිවුලපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බෙරුවල වරායවල හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ වෛරස් සාම්පල පර්යේෂණ සඳහා භාවිතා කරන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දැනට රට තුළ ව්‍යාප්තව වන කොවිඩ් -19 වෛරසය ‘බී .1.42’ ගණයට අයත් බවයි.

මෙම පර්යේෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් සිදු කරන තිබෙනවා.

රට තුළ මීට පෙර හමු වූ පොකුරු B.1, B.2, B.1.1, B.4 කාණ්ඩවලට අයත් වනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.