ශ්‍රී ලංකා යුද හමුදාව පළමු ඩ්‍රෝන රෙජිමේන්තුව පිහිටුවයි

ශ්‍රී ලංකා යුද හමුදාව පළමු ඩ්‍රෝන රෙජිමේන්තුව පිහිටුවයි

ශ්‍රී ලංකා හමුදාව අද ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා කියා සිටියේ භූමියේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහාය ලබා ගැනීමට යුද හමුදාව බලාපොරොත්තු වන බවයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ පශ්චාත් යුධ රටක් ලෙස රටේ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහාත් මව්බිමේ ආරක්ෂාව සඳහාත් ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහාය ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

හමුදාව සෑම අංශයකින්ම ශක්තිමත් කළ යුතු බවත්, මේ වන විටත් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් යුද හමුදාපතිවරයා කියා සිටියා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.