තවත් කොවිඩ් මරණ දෙකක් – මුළු ගණන 46 දක්වා ඉහළට

මෙරට 45 වන කොරෝනා මරණය වාර්තා වී පැය 1.50 කට පසුව 46 වන කොරෝනා මරණය ද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

45 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එම කාන්තාව ඇයගේ නිවසේ දී මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

මෙරට 46 වන කොරෝනා මරණය ලෙස මිය ගිය පුද්ගලයා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.