මේ වසරේ සිසුන් 41,500 ක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ

මේ වසරේදී සිසුන් 41,500 ක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ 2019 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්ව විද්‍යාල වෙත මේ ආකාරයෙන් බඳවා ගන්නා බවයි.

ඒ අනුව පසුගිය වසරට වඩා විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 10,000 කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.

මේ හේතුවෙන් වෛද්‍ය පීඨ සඳහා සිසුන් 371 ක් ද ඉංජිනේරු පීඨ සඳහා 405 ක් ද බඳවා ගැනීමට නියමිතයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.