වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බුදු සසුනේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ වප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී යි.

සැරියුත් හිමියන්ට ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍ර ස්ථානය පිරිනැමීම මෙන්ම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන්ගේ ශාසන‍යෙහි පැවිදිවීම ද වප් පොහෝ දින සිදුවී තිබෙනවා.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවා ගැනීම සඳහා දෙවනපෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යවා ඇත්තේ ද අද වැනි දිනකදී යි.

ලක් බි‍මේ මුල්ම රහතන් වහන්සේ වූ අරිට්ඨ තෙරුන්, ථූපාරාම සීමා මාලක‍යේ දී විනය පිටකය සංගායනා කිරීම ද වප් පොහෝ දිනක සිදුව තිබෙනවා.

වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන්නේ ද අද දිනයේ යි.

ඇසළ පොහෝ දිනයේ පටන් තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේද මේ පොහෝ දිනයේදී යි.

මෙලෙස බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කරන අද දින ලෙව පුරා බෞද්ධ ජනතාව වප් පුර පසළොස්වක පොහොය දිනය ප්‍රථ්පත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඉමහත් බක්තියෙන් සමරනු ලබනවා


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.