වියානාහි ස්ථාන හයක වෙඩි තැබීම

වියානාහි ස්ථාන හයක වෙඩි තැබීම්

නාඳුනන තුවක්කුකරුවන් විසින් ඔස්ට්‍රියානු අගනුවර වන වියානාහි ස්ථාන හයක වෙඩි තැබීම් සිදු කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් සිවිල් වැසියෙකු සහ තුවක්කුකරුවෙකු මිය ගොස් ඇති අතර තවත් 15 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වියානා නගරාධිපතිවරයා තහවුරු කර ඇත්තේ.

ඔස්ට්‍රියානු චාන්සලර් සෙබෙස්තියන් කර්ස් පවසන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රියාවේ ජාතික රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාරය එල්ල වී තිබීම විශේෂත්වයක්.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී ඇත්තේ සීමාවන් පැනවීමට පෙර විශාල පිරිසක් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වියානාහි වීදිවලට යමින් සිටි අවස්ථාවක බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පැවසන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.