නිරෝධායන නීති උල්ලංඝනය කළ 21 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට

මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වරද සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පැය 24 තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මීගමුව, කටාන සහ සීඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.