අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සහ ගාලු සහ මාතර දිස්ත්‍රික්කවල සවස හෝ රාත්‍රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (06) අලුයම 5.30 ට නිකුත් කරන ලද නවතම නිවේදනයෙන් දැක්වෙන්නේ ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වඩා අධික වැසි ඇතිවිය හැකි බවයි.

නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාළයේදී මීදුම් සහිත තත්වයන් අපේක්ෂා කෙරෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.