අද කාලගුණය

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පස්වරු 2 න් පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 දක්වා තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර තාවකාලික තද සුළං සහ අකුණු මඟින් අනතුරු සිදු විය හැකියි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල සහ ගාල්ග සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාළයේ මීදුම් සහිත තත්වයන් අපේක්ෂා කෙරෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.