අද කාලගුණය

අද කාලගුණය

අද දහවල් 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු හා නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදේ කාළයේ තැනින් තැන වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල වරින් වර මිලිමීටර 100 ට වඩා තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුනු ඇතිවිය හැකියි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.