බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට: බස් සහ දුම්රිය සේවා යළි අරඹයි

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට: බස් සහ දුම්රිය සේවා යළි අරඹයි

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අද නැවත විවෘත කෙරුනා.

ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතෙන් පිටත ගමන් කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ යි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී ඒ.එස්.පී. වීරසූරිය මහතා කියා සිටියේ බස් රථවලට හුදකලා ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වුවද, එම ප්‍රදේශවලින් මගීන් නංවාගැනීම සහ බැස්සවීම සපුරා තහනම් බවයි.

මේ අතර, අද උදෑසන සහ හවස් කාළයේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශවල දුම්රිය අඛණ්ඩව ධාවනය වන බව එහි සඳහන්.

කෙසේ වෙතත්, හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබුනද කොටුව දුම්රිය ස්ථානයෙන් සියළු දුම්රිය ආරම්භය සහ අවසානය සිදුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment