හෙට සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පනවනු ලැබුවද, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හාකි බවත්, ඊට සම්බන්ධ වූවන්ට සිය රාජකාරි කටයුතු සිදු කරගෙන යෑමට හැකියාව පවතින බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

කොරෝනා වෛරසය පැතිරීම අතීතයට වඩා වේගවත් බව සෞඛ්‍ය අංශ දන්වා ඇති හෙයින්, සෞඛ්‍ය අංශය විසින් ලබා දී ඇති උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය බවත් ගමනාගමය අවම කිරීම අත්‍යාවශ්‍ය බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් නිරෝධායනය කර ඇති අයගේ නිවාස සඳහා සති දෙකක කාලයකට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් ලබා දීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

මේ වන විට, ගම්පහා දිස්ත්‍රික්කයේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඇඳිරි නීතිය පැවතියද අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීමට දින දෙකක් ලබා දී ඇති අතර, එම දිනවල පාගමනින් ගොස් සිය සේවාවන් සපයාාාාාාගනනා ලෙස යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.